Saptha swarayai suwanda hamana song lyrics/Roony
සප්ත ස්වරයයි සුවද හමනා
නිසග පවග මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවද විහිදා
බිගුන් බමනා ඈ වටා
ඇගෙ නිකිණි සිනහ මල් කිණිති සැලෙනවිට
දැනෙන දැනෙන හැගුමන්
රණ තිසරු රුවැති ඇගේ ලකැල් ළමැදේ මම
සිහින සිහින වින්දෙම්..
සප්ත ස්වරයයි - සුවද හමනා
සප්ත ස්වරයයි.. ඒ සුවද හමනා..
හිත පුරා විසිරි මුතුලතා
ඉහිරුණා රුවැති හද පතා
හීන මුසුවුණු පාට තැවරුණු
දෑස අභියස නැවතිලා..
ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙනවිට
දැනෙන දැනෙන හැගුමන්
රණ තිසරු රුවැති ඇගේ ලකැල් ළමැදේ මම
සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි - සුවද හමනා
සප්ත ස්වරයයි.. ඒ සුවද හමනා..
මෙපුර සුරඹ නද වාර්තා විදිමි විදිමි ඇගේ
මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල්වැල්
තෙමෙනවා මා ආදරෙන්..
ඇගේ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙනවිට
දැනෙන දැනෙන හැගුමන්
මුදු සුමුදු සුවැති ඇගේ ලකැල් ළමැදේ මම
සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි - සුවද හමනා
සප්ත ස්වරයයි.. ඒ සුවද හමනා
Comments
Post a Comment