Duka Wadi Nethe Song Lyrics/Ruwan Hettiarachchi

දුක වැඩි නෙතේ කදුළැලි පිරේ



දුක වැඩි නෙතේ කදුළැලි පිරේ 
ඔබ නැති මොහොතේ 
සැනසුම මගේ ඔබ ගෙනගියේ
ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ..

දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
දිවිය මගේ තිබෙන තුරා 
පෙම් කෙරුවේ ඔබට තමා..
යන්තම්වත් සෙනෙහේ - නැතිවද දැනුනේ
තවමත් මතකයි - දිවුරා මගේ බව කීවා
දිවුරා මගේ බව කීවා..

පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා
පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා..
සත්තයි රත්තරනේ - ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ - ඔබහට සරදම් කරලා
ඔබහට සරදම් කරලා..

දුක වැඩි නෙතේ කදුළැලි පිරේ 
ඔබ නැති මොහොතේ 
සැනසුම මගේ ඔබ ගෙනගියේ 
ඇයි හොර රහසේ..
කවදාවත් නෑ අපි හමුවන්නේ 
මට යන්නට බෑ මතකෙන් ඔබගේ 
මට යන්නට බෑ මතකෙන් ඔබගේ..


ගායනය - රුවන් හෙට්ටිආරච්චි 



















Comments