ශ්‍රී ලංකාවෙන් බිහිවූ වටිනාම ක්‍රීඩකයා
Master blaster sanath
ක්‍රිකට් කියන්නේ සුදු ජාතිකයන් විසින් ලෝකයට හදුන්වා දුන් ක්‍රීඩාවක් වුණාට වැඩියෙන්ම දස්කම් දක්වා තියෙන්නේ ආසියානු ජාතික කණ්ඩායම් බවට විවාදයක් නෑ.ලෝකයේ වැඩිම ජාත්‍යන්තර ලකුණු,ශතක රැස්කළ සචින් තෙන්දුල්කාර් මෙන්ම තම රට ක්‍රිකට් ක්‍රීඩාවේ හිනිපෙත්තටම රැගෙන ආ තවත් සුවිශේෂී ක්‍රීඩකයෙක් තමයි සනත් ජයසූරිය කියන්නේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් ශරීරගත කරපු මූලිකම එන්නත තමයි සනත්.සනත් ක්‍රීඩා කරන සමයේ සනත් දැවී ගියහම රූපවාහිනිය වසා දැමූ පේක්ෂකයනුත් නැතුවාම නොවෙයි.කොපමණ ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට තිබුණත් සනත් පිටියේ නම් ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් නිරන්තරයෙන් ප්‍රේක්ෂක සිත් සතන් තුළ දැල්වුණා.
මුල් කාලයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පිතිකරණයට සනත් පිවිසියේ නොම්මර 6,7 ස්ථානයන්හී ක්‍රීඩා කරමිනි.පසුව ක්‍රිකට් ක්‍රීඩාවට නව ප්‍රවේශයක් ලබා දෙමින් රොමේෂ් කලුවිතාරණ සමග ආරම්භක පිතිකරණයට පිවිස සනත් එතෙක් පැවැති ක්‍රිකට් සම්ප්රදාය උඩුයටිකුරු කරමින් මුල් පන්දුවාර 15දී වේගයෙන් ලකුණු රැස් කර ප්‍රතිවාදී පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් පිත්ත හැසිරවූයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියටද තිත තබමිනි.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය වන 1996 විල්ස් ලෝක කුසලානය දිනා ගැනීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ සනත් එහි වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වෙමිනි.
පසුකාලීනව බිද වැටුණද වේගවත්ම එක්දින ශතකය, වේගවත්ම එක්දින අර්ධ ශතකය, වැඩිම එක්දින 6 පහර සංඛ්‍යාව වැනි ලෝක වාර්තා කිහිපයක්ම සනත්ගේ නමට ලියැවී තිබුණි.
සනත්ගේ හැකියාව පිතිකරණයට පමණක් සීමා නොවූ අතර පන්දු යැවීමෙන් හා රැකීමෙන් ද ඔහු අතිදක්ෂයෙක් විණි.සුපිරි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා වන ෂේන් වෝන් ලබාගත් එක්දින කඩුලු සංඛ්‍යාවට වඩා සනත් ලබාගත් කඩුලු සංඛ්‍යාව වැඩිවීම එයට නිදසුනකි.
තරගයක් තනිවම දිනවිය හැකි ක්‍රීඩකයෙක් ලෙස ප්‍රචලිත සනත්ට සමාන ආදේශකයක් තව වසර ගණනාවකට බිහි නොවනු ඇත.
Comments
Post a Comment