ආසියානු කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර 2000 වසරේදී ලන්ඩන් නුවර පැවති සුපිරි එක්දින තරගය
Asia XI vs Rest of the world XI Exhibition OdI Match at Kennington Oval,London(2000)
ආසියානු ක්‍රිකට් කණ්ඩායම සහ ලෝකයේ සෙසු රටවල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක එක්දින ක්‍රිකට් තරගයක් 2000 වසරේ ජූලි 29 වන දින පැවැත්වුණා.ඒ ලන්ඩන් නුවර කෙනිංග්ස්ටන් ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.ආසියානු කණ්ඩායමේ නායකත්වය සදහා නම් කෙරුණු සචින් තෙන්දුල්කාර් එදින සහභාගි නොවීම නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් හටයි.ආසියානු කණ්ඩායම සදහා ඉන්දියාව නියෝජනය කරමින් මොහොමඩ් අසාරුඩීන්,අජේ ජඩේජා, නයාන් මොන්ගියා,එන්.චොප්‍රා,අනිල් කුම්බ්ලේ,ජවගල් ශ්‍රීනාත් සමග වෙන්කටේස් ප්‍රසාද් සහභාගී වුණා.වසීම් අක්‍රම්,සහීඩ් අන්වර් සමග සක්ලේන් මුෂ්ටාක් පාකිස්තානය නියෝජනය කරමින් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවෙන් සහභාගි වූයේ අරවින්ද ද සිල්වා පමණි.ඇලෙක්ස් ස්ටුවර්ට් නායකත්වය දැරූ ලෝක ක්‍රිකට් කණ්ඩායමට ඇලෙක්ස් ස්ටුවර්ට්, නසාර් හුසේන්,ග්‍රැහැම් තෝප්,බෙන් හොලියොක්ස් සහ ඇලන් මුලාලි එංගලන්තය නියෝජනය කරමින් ද නේදන් ඇස්ට්ලේ සහ ක්‍රිස් කෙයාන්ස් නවසීලන්තය නියෝජනය කරමින් ද නීල් ජොන්සන් සහ හීත් ස්ට්‍රික් සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් සහ ඕස්ට්‍රේලියාවෙන් ස්ටුවර්ට් ලෝ ද බටහිර ඉන්දීය කොදෙව්පිල වෙනුවෙන් කර්ට්නි වෝල්ෂ් ද එක්විය.
කාසියේ වාසිය ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇලෙක්ස් ස්ටුවර්ට් සතුවූ අතර තරගයේ පළමුව පිතිහරඹයේ යෙදීමට ඔහු තීරණය කළේය.නියමිත පන්දුවාර 50 අවසානයේ ලෝක ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක් බිදවැටී ලබාගත් ලකුණු සංඛ්‍යාව 219කි.නේදන් ඇස්ට්ලේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ පන්දු 68කදී ලකුණු 51ක් රැස් කරමිනි.4 පහර 5ක් ඔහුගේ ඉනිමට අන්තර්ගත විය.4 පහර 3ක් සහ එක් 6 පහරක් සමගින් නසාර් හුසේන් ලකුණු 45ක් රැස් කරගත්තේ පන්දු 68කදීය.ස්ටුවර්ට් ලෝ ලකුණු 25ක් සහ බෙන් හොලියොක්ස් නොදැවී ලකුණු 23ක් රැස් කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ආසියානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සක්ලේන් මුෂ්ටාක් ලකුණු 45කට කඩුලු 4ක් බිද දැමුවේය.එන්.චොප්රා කඩුලු 2ක් සහ ජවගල් ශ්‍රීනාත් සහ වසීම් අක්‍රම් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ආසියානු කණ්ඩායමට පන්දුවාර 48.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 204ක් පමණි.ආසියානු කණ්ඩායම වෙනුවෙන් අරවින්ද ද සිල්වා 4 පහර 6ක් සමගින් ලකුණු 35ක් ලබාගත්තේ පන්දු 42කට මුහුණ දෙමිනි.මොහොමඩ් අසාරුඩීන් පන්දු 48කදී ලකුණු 33ක් රැස්කළ අතර 4 පහර 4කින් එය සමන්විත විය.එන් චොප්රා ලකුණු 30ක් සහ අජේ ජඩේජා ලකුණු 29ක් රැස්කළ අතර සෙසු එකදු පිතිකරුවෙකුටවත් ලකුණු 20 පසුකර යාමට ලෝක කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබිණි.
ලෝක කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් කෙයාන්ස් ලකුණු 29කට කඩුලු 3ක් සහ ඇලන් මුලාලි ලකුණු 41කට කඩුලු 3ක් බිඳ හෙළූ අතර නීල් ජොන්සන්,කර්ට්නි වෝල්ෂ් සහ හීත් ස්ට්‍රික් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.තරගයෙන් ලකුණු 15ක ජයක් ලෝක ක්‍රිකට් කණ්ඩායම හිමිකර ගත් අතර ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නේදන් ඇස්ට්ලේ තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
ලෝක ක්‍රිකට් වංශකතාවේ තවත් මතක හිටින ක්‍රිකට් තරගයක මතක සටහනකින් නැවත හමුවෙමු.
Comments
Post a Comment