Mata pem banda lan lanwa song lyrics/Kavisha Kaviraj

 
මට පෙම් බැන්ද ළං ළංව හද සනසමින් 
මගේ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් 
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදි මගේ වෙන්න සිතපන් ලදේ

අපි දුක් වින්දේ පෙම් බැන්දේ මතකේ මැදින්
මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔහු නුඹේ වුණාදෙන් මේ භවේ හිමි වුණාදෙන් 
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේදි ළග ඉන්න වෙන් නොව මෙසේ

මට පෙම් බැන්ද....

මුළු සසරේම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න සුරතින්ම පණ මේ මගේ
මද්දු මේ අසාපන් පණ වගේ සුරකියාපන්
ඔබ ඉවසන්න මම වාගේ මතු භවයේදි 
මට සැනසෙන්න මගේ සොදුර හිමිවී යලි

මට පෙම් බැන්ද...


ගායනය - කවීෂ කවිරාජ්
 












Comments