Netfilx වල හිණිපෙත්තේ වැජඹෙන Lusifer Tv series එක තවම බැලුවේ නැද්ද
LUCIFER
Lucifer කතා මාලාව ගොඩ නැගෙන්නේ ලුසිෆර් මෝනිංග්ස්ටාර් කියන අපායේ යක්ෂයා වටා.තම පියා වූ දෙවියන්ට එරෙහිව මෙහෙය වූ කැරැල්ලක් නිසා ඔහුව දෙව්ලොවෙන් පිටමං කර අදුරේ අධිපති කර අපාය පාලනය කිරීමට පිටත් කරනවා.කෙටි කලක් අපාය පාලනය කළ ලුසිෆර් ඉන් බැහැර වී පෘථිවියට පැමිණෙනවා. ඒ මසිකීන් නැමැති යක්ෂනිය සමග.ලොස් ඇන්ජලීස් නුවර 'LUX' නැමැති රාත්‍රි සමාජ ශාලාවක් ඔවුන් විසින් පවත්වාගෙන යනවා.ක්ලෝයි ඩෙකර් නැමැති අපරාධ පරීක්ෂකවරිය ලුසිෆර්ට මුණ ගැහැන්නේ ඔය අතරදී.ක්ලෝයි ඩෙකර්ගේ පරීක්ෂණවලට සහාය දෙන ලුසිෆර් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට ඇති කැමැත්ත නිසා LAPD අපරාධ පරීක්ෂණ ආයතනයට බැදෙනවා සිවිල් පදේශකවරයෙක් ලෙස.ක්ලෝයි ඩෙකර් කලින් විවාහ වී සිටි ඩැනියල් එස්ෆින්සෝ ද සමග ඔවුන් අපරාධ පරීක්ෂණවල නියැලෙන අතර ලුසිෆර්ට ලින්ඩා නැමැති මනෝ චිකිත්සකවරිය මුණ ගැහෙනවා. මේ අතර ලුසිෆර්ගේ වැඩිමහල් සොහොයුරු ඇමනෙඩීල් දෙව්ලොව සිට පැමිණ නැවත අපායට ගොස් එය පාලනය කරන ලෙස ලුසිෆර්ට බල කරනවා.මේ අයුරින් දෙව්ලොවෙන් එල්ල වන අභියෝග මෙන්ම අපරාධ පරීක්ෂණ වෘත්තියේදි එල්ල අභියෝග වලට ලුසිෆර් මුහුණ දෙන අයුරු විස්තර කරමින් කතාව ඉදිරියට ගලා යනවා.
ඇමෙරිකානූ ටෙලි කතා මාලාවක් වන ලුසිෆර් කතාවේ පළමු කතා මාලාව නිකුත් වෙන්නේ 2016දි.Len Wiseman විසින් නිමැවෙන ලුසිෆර් තමයි දැනට Netfilx වල ratings වලට අනූව ඉහළින්ම තිබෙන Tv series එක.දැනට season 4ක් නිකුත් වී තිබෙන Lucifer කතා මාලාවේ අවසන් අදියර ලබන වසරේ නිකුත් කිරීමට නියමිත බවටයි ආරංචි.ලුසිෆර් මෝනිංග්ස්ටාර් ලෙස Tom Ellis ද ක්ලෝයි ඩෙකර් ලෙස Lauran German ද ඩැනී එස්ෆින්සෝ ලෙස Kevin Alejandro ද ඇමනෙඩීල් ලෙස D.B.Woodside ද මෙසෙකීන් ලෙස Lesley-Ann Brandt සහ ඩොක්ටර් ලින්ඩා ලෙස Rechael Harris ද රංගනයේ යෙදෙන Lucifer තමයි දැනට විකාශනය වන හොඳම Tv series එක කියලයි මටනම් හිතෙන්නේ.
Comments
Post a Comment